"නදී මම ඕලෙවල් පාස් අපේ ඉස්කෝලේ මේ වෙනකම් ගත්තු හොදම රිසාල්ට් එක මගේ"
තවමත් මතකයි මගේ අතින් අල්ලාගෙන කියපු හැටි. ඔයාට වඩා මට එදා දැනුන සතුට කියලා නිම කරන්න බෑ.ඒ වෙන මොකුත් නිසා නෙවේ ඔයා විදපු දුක මන් හොදටම දන්නා නිසා
මතකද අපි දෙන්නා හමු උන හැටි. හැමදාම ඔයා ඉස්කෝලේ යද්දී මන් පාර අයිනට වෙලා ඔයා දිහා බලන් හිටියා ඔයා නෙවේ කවදාවත් මන් දිහා හැරිලාවත් බැලුවේ. මම එදා ඉදන්ම මම කොහොඅමත් ලැජ්ජා නිසා මමත් දුරින් ඉදන් ඔයා දිහා බලන් හිටියා ඇරෙන්න කවදාවත් මන් ඔයා එක්ක කථා කරන්න අවෙත් නෑ. ඔයා අපේ අක්කගෙ දහම්පාසලේ හොදම යාලුවා කියලා දැනගත්තේ පස්සේ. ඒ දැනගත්තු දවසේ ඉදන් මන් ඔයාගේ ජිවිත කථාව එයාගෙන් අහගත්තා. ඔයාගේ අම්මා රට ගියපු එක, තාත්තා හැමදාම බිලා ඇවිත් ගෙදර රණ්ඩු කරන එක, ලයිට් නැතුව ලාම්පුවෙන් ඔයා පාඩම් කරන එක ,ගෙදර උයන පිහින ඒවා හිටන් හැමදේම ඔයාගේ අතින් කෙරෙන එක, ඒ හැමදේම මන් අහගත්තා. ඒ වගේම ඔයා ඉගෙන ගන්න ගොඩක් ආසයි කියන එක, ඒ හැමදේම මන් දැනගත්තා ඒත් මට අනුකම්පාවක් අවේ වත් ඔයාව එපා උනේවත් නෑ මන් කරේ ඔයාට උදව් කරන්න හිතපු එක. මමත් ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.කොහොම කොහොම හරි මන් සල්ලි හොයාගෙන ඔයාට ඕලෙවල් past papers පොත් ගොඩක් අරගෙන අපේ අක්කා අතේ දහම් පාසලට ඔයාට එව්වා. ඒත් මන් කවදාවත් දැනන් හිටියේ නෑ එදාට දවස් දෙකකට කලින් ඔයාගේ උපන්දිනේ තිබුණා කියලා. 2009 නොවැම්බර් 7 වෙනිදා තමා ඔයාට මන් ඒ පොත් ටික දුන්නේ .ඔයාගේ උපන්දිනේ නොවැම්බර් 5 තිබිලා තියෙන්නේ. අහබු සිදු වීමක් නිසා ඔයා ජිවිතේ ගොඩක් සතුටු උණා ජිවිතේ ඔයාට හම්බුන එකම උපන්දින තෑග්ග හම්බුනේ එදා. ඒත් එක හම්බුනේ ඒ වෙනකම් වචනයක්වත් කවදාවත් කථා කරලා නැති කෙනෙක්ගෙන්.
_______________________________________________________
_______________________________________________________
"මචං නදියා..! මෙහෙම කිව්වට අවුලක් ගන්න එපාබන් මන් දැක්ක "සකු" වෙන කොල්ලෙක් එක්ක බස් එකේ පිටිපස්සෙම සිට් එකේ ඉදගෙන යනවා.." ( "සකු" කියන්නේ එයාගේ නම කෙටි කරලා "සකුන්තලා රුවන්කුමාරි" තමා එයාගේ නම )
මගේ ඔලුව කැරකුනා වගේ.
"මචං ඒ සකු වෙන්න බෑ වෙන කෙල්ලක් මචං "
"සකු මට එහෙම කරන්නේ නෑ"
"නෑ බන් අය මම ඒකිව අදුරන්නේ නැද්ද සියට දාහක් විස්වාසයි බන් ඒ සකු තමා "
මන් එහෙමම ෆෝන් එක කට් කරා.
මට හැමදේම එපා උණා. කොටින්ම මාවම එපා උණා. ඒත් හැමදෙයක්ම මට හීනයක් වගේ ඔයා මට කියපුවත් එක්ක මට මේ කථාව විස්වාස කරන්න බැරි උණා. ඒත් මට වෙන කරන්න දේකුත් නෑ. ඒ කථාව කිව්වේ පොඩි කාලේ ඉදන් මගේ හැමදේකටම මගේ ලගින් හිටපු එකා නිසා මට කොහොමත් විස්වාස නොකර බෑ. ඒත් මට ඔයාට කථා කරන්නවත් විදියක් නෑ. මම නුවර ඔයා කුරුණෑගල. ඔයාට කතාකරන්න මට ගෙදර එන්නත් බෑ . ඔයාව මිට් වෙන්නත් බෑ. කොහොම හරි ඔයා යන ක්ලාස් ගැන විස්තර හොයාගෙන මන් ආවා හරියටම ඒක ඉවර වෙන වෙලාවට ඔයාගේ ක්ලාස් තියන තැනට. ඒත් වැඩක් උනේ නෑ මට හොයාගන්න බැරි උණා ඔයාව . මන් ආපහු නුවර ආවා. එයිට පස්සේ දවසෙත් මන් ආවා ඒත් ඔයා හම්බුනේ නෑ. ඊලග සතියේ සෙනසුරාදා 12.30ට මන් අවා "සිප්වින්" එක ගාවට. මට දැකපු දෙයින් ඇස් අදහාගන්න බැරි උණා. ඔයයි තව කොල්ලෙකුයි එක කුඩේ යට එකට ලංවෙලා යන හැටි මගේ ඇස් දෙකෙන්ම මම දැක්ක. මුළු ලෝකෙම කැරකෙනවා වගේ. මට කරන්න දෙයක් හිතාගන්න බෑ. මගේ කකුල් දෙක පණ නෑ. යන්නේ කොහෙද, මොකද කරන්නේ කිසි දෙයක් හිතාගන්න බෑ. මන් එහෙමම එතන තිබුණ බිත්තියකට හේත්තු වෙලා අත් වැල් අල්ලාගෙන යන ඔයාලා දිහා බලන් හිටියා
"නදී ගංගා තරනයේ සරි සරා සැඩ මාරුතේ" ෆෝන් එක රින්ග් වෙනකොටයි මන් පියවි සිහියට අවේ.
"ලොකු කොහෙද ඉන්නේ"
"අක්කේ මන් මේ ටවුමට පොඩ්ඩක් ආව "
"මොන ටවුමෙද මමත් ඉන්නේ ටවුමේ"
"එහෙනම් එනවකො ගුඩ් ෂෙඩ් එකට මාව එක්කන් යන්න"
"අක්කේ මන් මේ මේ "
"මොකද තමුසේ තටමන්නේ කාත් එක්කද ඉන්නේ"
"මන් කුරුණෑගල ආවා පොඩි වැඩකට"
"තමුසේ ගියේ අරකිව හම්බෙන්න නේද ලැජ්ජා නෑනේ තමුසෙටත් ලොකු"
"එනවා ඉක්මනට ගෙදර"
"මන් එහෙනම් ගෙදර යනවා. එනවා ගෙදර අම්මට කියන්න කලින් "
මට හැමතැනම පෙන්නේ "සකු" අර කොල්ලගේ අතේ එල්ලිලා, තුරුල් වෙලා කුඩේ යටින් ගියපු හැටි.
මන් එහෙමම නුවර යන බස් එකක නැග්ගා. කිසිම අදහසක් ඔලුවේ නැතිව හිස් මිනිසෙක් වෙලා මන් අපහු නුවර යන්න පිටත් උණා
පිටිපස්සේ කොනේම තිබුණ සිට් එකක මන් ඉදගෙන ඉස්සරහා සිට් එකට ඔලුව තියාගෙන හොදටම ඇඩුව මගේ දුක දියවෙලා හේදිලා යනකම් ඇඩුවා මට මතක් උනේ මිල්ටන් මල්ලවආරච්චි කියන සින්දුව
"කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා
කිසිවෙකු කිසිදින අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මම වැරදිය කියලා
සෙනෙහස බිදුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත් හලෙමි පවසමි
ලොවටම ඇසෙන නියා"
අදටත් හැමෝම අපි දෙන්නා ගැන දන්නේත් එහෙමමයි.
ඒ සින්දුව මටම ලියපු එකක් වගේ මට දැනෙන්නේ. ඔයා මගේ පළවෙනි ආදරේ. ඒත් ඔයාටනම් මම ඔයාගේ ලිස්ට් එකේ හිටිය එක කොල්ලෙක් විතරයි. ඒත් අදටත් මම ඔයාගේ මතකයන් අමතක කරගන්න බැරුව ජිවත් වෙන ඔයාගේ හිටිය පෙම්වතෙක්
_______________________________________________________
කොහොම හරි මන් ඔයාට පොත් ටික තෑගී දුන්නට පස්සේ සතියේ අක්කගේ අතේ ඔයාගෙන් අහලා එව්වා මට කැමතිද කියලා.ඔයා කල්පනා කරලා කියන්නම් කියලා ගිහින් ඊට පස්සේ සතියේ මට කැමති කිව්වා මන් මුළු ලෝකෙම දිනුව වගේ සතුටක් මට අවේ කැමති කිව්ව දවසට පස්සේ දවසේ ඔයා ඉස්කෝලේ යනකොට මන් ඔයාව මිට වෙන්න ආවා ගුරු පාරේ ඔයා එහා කොනේ මන් මෙහා කොනේ ඉදන් තාර පාරට එනකම් මන් ඔයා එක්ක කථා කර කර ආවා පාර දෙපැත්තේ ගෙවල් වල හිටිය ගොඩක් අය අපි දෙන්නා දිහා බලාගෙන හිටියා ඒත් අපි දෙන්නටම ගානක් නෑ
හැමදාම මන් උදේම ඔයාව හම්බෙන්න ආවාඔහොම කාලය යද්දී ඔයාලගේ ගෙදරටයි සමහරු කේලම් කියලා. ඔයාට ඔයාලගේ තාත්තා හොදටම ගහලා තිබුණා. අපේ අම්මටත් කවුදෝ කේලම් කියලා අම්ම හොදටම මට බැන්න. අම්ම මට ඔයාගේ පවුලේ විස්තර හැම දේම කිව්වා. ඔයාගේ අත්තම්මා අපේ ගෙදර වැඩකාරකම් කරපු ඒවා. ඒවා කියා කියා අම්ම මට හොදටම බැන්න මේක නවත්තන්න කිව්වා. ඒත් ඔයාවත් මමවත් අපේ සම්බන්දෙ නැවැත්තුවේ නෑ.
ඊට පස්සේ මාව නුවර ගෙනත් නැවැත්තුවා. ඔයාටයි මටයි කථා කරන්න විදියක් නෑ. ඉදලා හිටලා ඔයා මට ඔයාලගේ තාත්තගේ ෆෝන් එකෙන් මැසේජ් කරා. කෝල් කරා. ඒ අතරේ ඔයා ඒ ලෙවල් වලට පාඩම් කරා මන් මන් ඔයාට ටාගට් දුන්නා පුලුවන්නම් ඔයා පන්තියේ පලවෙනි 10 දෙනා අතරට එන්න කියලා. ඔයා ඒක කරා.
ඔයා ඇහුවා කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ නේද කියලා මන් කිව්වා ඔයා මේ පාර කොහොම හරි කැම්පස් යන්න, කැම්පස් ගියේ නැත්තම් මන් ඔයාව දාලා යනවා කියලා. එක්සෑම් වලට මාස 4ක් විතර තියනකොට එකපාරටම ඔයාගෙන් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් එන්නේ නැතුව ගියා. මන් දෙලොවක් අතර අතරමන් උණා.. කොහොම හරි එක්සෑම් එකට මාස 2ක් තියෙද්දී ඔයා වෙන කෙනක් එක්ක යාළු වෙලා කියලා යාලුවා කිව්වා විතරක් නෙවේ මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔයා කොහොම හරි මන් දුන්න ටාගට් ජයගත්තා. ඔයා අද කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්රිය කරනවා. ලගදීම ඔයා ලොකු රස්සාවක් කරයි. යාන වාහන හැමදේම ගනී.
ඒත් මන් කොහොමද ඔයාට උණු පොරොන්දුව ඉෂ්ට කරන්නේ ..?
මන් කොහොමද ඔයාව මැරී කරන්නේ..?
"ලබන අවුරුද්දේ ඔයා වෙන කෙනෙක්ව මැරී කරන්න හැමදේම සුදානම් කරගෙන දිනත් දාගෙන ඉන්නකොට "
_______________________________________________________
ප:ලි
"මෙහි ඇති සියලුම නම් ගම් පමණක් නොවේ කතාවද හුදු රසාස්වාදය සදහා ගොතන ලද්දකි"
_______________________________________________________