Friday, June 5, 2020

මාධවි

  • ඒ නදියා අන්න උබේ කෑල්ල
වරෙන් එලියට
ලසන්තයා පන්තියේ දොරෙන් ඔලුව දාලා මට කෑගැහුවා
අනේ මට බෑ බන්
අපෝ යකෝ උබ ඔහොම හිටියම සෙට් වෙයි කෑල්ල බලන් හිටපන්
පිස්සුද යකෝ ඒ කෙල්ල පස්සේ යන්න මට බෑ
මන් වගේ නෙවේ යකෝ එකී හොදට ඉගෙන ගන්නවා
එහෙව් එකේ මන් ඒ කෙල්ල පස්සේ ගියාම ඒ කෙල්ල කොහොමද බන් හරියට ඉගෙන ගන්නේ ඒ කෙල්ල මානසිකව වැටෙනවනේ උබලට තේරෙන්නේ නැද්ද..?
අනේ නිකන් පලයන් ඩො යන්න. උබ ඒ කෙල්ල දැක්කත් බයයි උබ කොහෙද ඒකිව දාගන්නේ හීනෙන් තමා. මොකෙක්හරි එකෙක් ඩහැගෙන ගියාම උඩබලාගෙන හිටපන් රිලවා මැරිච්ච අහිකුන්ටිකය වගේ අනේ යකෝ
චින්තකයා කිව්වේ නොන්ඩියට වගේ
අනේ කමක් නෑ බන් ඒකි යනවනම් ගියපුදෙන්.
_______________________________________________________
මාධවී ඒතමා මගේ සිහින කුමාරිය. මට ඉස්කෝලෙට ගිය වෙලේ ඉදන් හැමතැනම මුළු ඉස්කෝලෙම පේන්නේ එයාව.මම 11 වසරේ ඉන්නකොට එයා 9 වසරේ. එයා ගොඩක් ලස්සනයි සුදුයි ටිකක මහතයි.ටිකක් ආඩම්බරයි. ඒ වගේම එයාට තව යාලුවෝ 3ක් හිටියා. භාග්‍යා,කාංචනා,මදුශානිකා ඒ අයත් මෙයාටම හරියන අය. හතරදෙනා එකතු උනාම මොකෙක් උනත් කමක් නෑ, වචනයක් හරි එයාලට කිව්වොත් හතරදෙනාම වටකරගෙන බනිනවා. මාධවී ගෙන් මන් ඈත් වෙලා ඉන්න ඒකත් හේතුවක්. හැමදාම එයා උදේ ඉස්කෝලේ එනකොට එයාව බලන එක, හවස යනකොට එයා දිහා බලන එක මගේ දිනපතා කරන රාජකාරි වලින් අනිවාර්ය අංගයක්. එයා ගියේ ස්කුල් බස් එකේ. එයා හැමදාම යනකොට මන් දිහා බලගෙන යනවා. ඒත් කවදාවත් ඉස්කෝලෙදි නම් එයා මගෙත් එක්ක හිනාවෙලාවත් නෑ අඩු තරමේ මගේ දිහා බලලවත් නෑ. අවුරුදු හතරක් එයා වෙනුවෙන් මන් බලාගෙන හිටියා ඒත් වචනයක්වත් කථා කරලා නැ. එයා වෙනුවෙන් කවි ලිව්වා ඕනෙතරම් පොත් පිරෙන්න.. එයා ඒවා දන්නවා නම්,
දවසක් අපි ඉස්කෝලේ කළු ලෑල්ල කළු කරන්න හවසක නැවතුනා. අපි නිකමට වගේ පන්ති ගානේ ඇවිද්ද. එයාගේ පන්තියට ගියාම දැක්ක එයාලගේ බිත්ති පුවත්පත. එයා තම පන්තියේ නායිකාව. ඒ නිසා එයාගේ නිර්මාණ තියෙන්න ඕනේ කියලා මම අත්දැකීමෙන් දන්නවා. මුළු බිත්ති පුවත් පතම පෙරළුවා මම හරි එයා ලියපු එකක් හම්බුනා.. කාටත් හොරා ඒක ගලවලා මම සාක්කුවේ දාගෙන ආවා.ඒක දැනටත් මගේ ලග තියනවා. ඒවා එයා දන්නවා නම්,
______________________________________________________
දින සති ගෙවිලා ගියා මම ඕලෙවල් කරා, එයා වෙනුවෙන් මම ඉගෙන ගත්තා එයා කොහොමත් හොදට ඉගෙන ගන්නවා කියල මන් දන්නා නිසා මමත් ඉගෙන ගන්න උත්සහා කරා එයාට මන් කරපු ආදරේ මට එකට උදව් උනා. සාමාන්‍යපෙළ  හොදට පස් උණා උසස්පෙළ ගණිත අන්ශේට ඇතුල් උණා.ඒත් මම මගේ ආදරේ නැවැත්තුවේ නෑ ඉස්කෝලේ කොච්චර ගැනු ළමයි හිටියත් මට දකින්න ඕනේ උනේ එයාව.
සුපුරුදු පරිදි කාලය ගෙවුනා. මම ඉස්කෝලෙන් අස්වුණා.අස් වෙලා මාස තුන හතරකින් මම ඉස්කෝලෙට ගියා මගේ අස්වීම ගන්න අස්වීම ඒකට අත්සන් ගන්න අපේ පන්තිය බාරව හිටිය මිස් ලක්ශ්මි මැඩම් හොයාගෙන ගියා. මැඩම් ඉන්නවා එක පන්තියක. මම ගියා. මැඩම් මාව දැක්ක ගමන් දන්නවා. ආ දොඩන් එන්න එන්න කියලා ඇතුලට යද්දි මැඩම්ට පොත පෙන්නන්න එක ගෑනු ලමයෙක් එනවා. දෙවියනේ ඒ මාදවී. ඒ තමා අපේ අන්තිම හමුවීම. එයා කොහේ හරි සතුටින් ඇති ..

Monday, September 23, 2013

මට මගේම නොවෙන ආදරයක් තිබුණා.

      "නදී මම ඕලෙවල් පාස් අපේ ඉස්කෝලේ මේ වෙනකම් ගත්තු හොදම රිසාල්ට් එක මගේ" 
තවමත් මතකයි මගේ අතින් අල්ලාගෙන කියපු හැටි. ඔයාට වඩා මට එදා දැනුන සතුට කියලා නිම කරන්න බෑ.ඒ වෙන මොකුත් නිසා නෙවේ ඔයා විදපු දුක මන් හොදටම දන්නා නිසා 
                              මතකද අපි දෙන්නා හමු උන හැටි. හැමදාම ඔයා ඉස්කෝලේ යද්දී මන් පාර අයිනට වෙලා ඔයා දිහා බලන් හිටියා ඔයා නෙවේ කවදාවත් මන් දිහා හැරිලාවත් බැලුවේ. මම එදා ඉදන්ම මම කොහොඅමත් ලැජ්ජා  නිසා මමත් දුරින් ඉදන් ඔයා දිහා බලන් හිටියා ඇරෙන්න කවදාවත් මන් ඔයා එක්ක කථා කරන්න අවෙත් නෑ. ඔයා අපේ අක්කගෙ දහම්පාසලේ හොදම යාලුවා කියලා දැනගත්තේ පස්සේ. ඒ දැනගත්තු දවසේ ඉදන් මන් ඔයාගේ ජිවිත කථාව එයාගෙන් අහගත්තා. ඔයාගේ අම්මා රට ගියපු එක, තාත්තා හැමදාම බිලා ඇවිත් ගෙදර රණ්ඩු කරන එක, ලයිට් නැතුව ලාම්පුවෙන් ඔයා පාඩම් කරන එක ,ගෙදර උයන පිහින ඒවා හිටන් හැමදේම ඔයාගේ අතින් කෙරෙන එක, ඒ හැමදේම මන් අහගත්තා. ඒ වගේම ඔයා ඉගෙන ගන්න ගොඩක් ආසයි කියන එක, ඒ හැමදේම මන් දැනගත්තා ඒත් මට අනුකම්පාවක් අවේ වත් ඔයාව එපා උනේවත් නෑ මන් කරේ ඔයාට උදව් කරන්න හිතපු එක. මමත් ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.කොහොම කොහොම හරි මන් සල්ලි හොයාගෙන ඔයාට ඕලෙවල්  past papers  පොත් ගොඩක් අරගෙන අපේ අක්කා අතේ දහම් පාසලට ඔයාට එව්වා. ඒත් මන් කවදාවත් දැනන් හිටියේ නෑ එදාට දවස් දෙකකට කලින් ඔයාගේ උපන්දිනේ  තිබුණා කියලා. 2009 නොවැම්බර් 7 වෙනිදා තමා ඔයාට මන් ඒ පොත් ටික දුන්නේ .ඔයාගේ උපන්දිනේ නොවැම්බර් 5 තිබිලා තියෙන්නේ. අහබු සිදු වීමක් නිසා ඔයා ජිවිතේ ගොඩක් සතුටු උණා ජිවිතේ ඔයාට හම්බුන එකම උපන්දින තෑග්ග හම්බුනේ එදා. ඒත් එක හම්බුනේ ඒ වෙනකම් වචනයක්වත් කවදාවත් කථා කරලා නැති කෙනෙක්ගෙන්. 
_______________________________________________________

_______________________________________________________

"මචං නදියා..! මෙහෙම කිව්වට අවුලක් ගන්න එපාබන් මන් දැක්ක "සකු" වෙන කොල්ලෙක් එක්ක බස් එකේ පිටිපස්සෙම සිට් එකේ ඉදගෙන යනවා.." ( "සකු" කියන්නේ එයාගේ නම කෙටි කරලා "සකුන්තලා රුවන්කුමාරි" තමා එයාගේ නම )    
මගේ ඔලුව කැරකුනා වගේ.
"මචං ඒ සකු වෙන්න බෑ වෙන කෙල්ලක් මචං "
"සකු මට එහෙම කරන්නේ නෑ"
"නෑ බන් අය මම ඒකිව අදුරන්නේ නැද්ද සියට දාහක් විස්වාසයි බන් ඒ සකු තමා "

මන් එහෙමම ෆෝන් එක කට් කරා.
මට හැමදේම එපා උණා. කොටින්ම මාවම එපා උණා.  ඒත් හැමදෙයක්ම මට හීනයක් වගේ ඔයා මට කියපුවත් එක්ක මට මේ කථාව විස්වාස කරන්න බැරි උණා. ඒත් මට වෙන කරන්න දේකුත් නෑ. ඒ කථාව කිව්වේ පොඩි කාලේ ඉදන් මගේ හැමදේකටම මගේ ලගින් හිටපු එකා නිසා මට කොහොමත් විස්වාස නොකර බෑ. ඒත් මට ඔයාට කථා කරන්නවත් විදියක් නෑ. මම නුවර ඔයා කුරුණෑගල. ඔයාට කතාකරන්න මට ගෙදර එන්නත් බෑ . ඔයාව මිට් වෙන්නත් බෑ. කොහොම හරි ඔයා යන ක්ලාස් ගැන විස්තර හොයාගෙන මන් ආවා හරියටම ඒක ඉවර වෙන වෙලාවට ඔයාගේ ක්ලාස් තියන තැනට. ඒත් වැඩක් උනේ නෑ මට හොයාගන්න බැරි උණා ඔයාව . මන් ආපහු නුවර ආවා. එයිට පස්සේ දවසෙත් මන් ආවා ඒත් ඔයා හම්බුනේ නෑ. ඊලග සතියේ සෙනසුරාදා 12.30ට මන් අවා "සිප්වින්" එක ගාවට. මට දැකපු දෙයින් ඇස් අදහාගන්න බැරි උණා. ඔයයි තව කොල්ලෙකුයි එක කුඩේ යට එකට ලංවෙලා යන හැටි මගේ ඇස් දෙකෙන්ම මම දැක්ක. මුළු ලෝකෙම කැරකෙනවා වගේ. මට කරන්න දෙයක් හිතාගන්න බෑ. මගේ කකුල් දෙක පණ නෑ. යන්නේ කොහෙද, මොකද කරන්නේ කිසි දෙයක් හිතාගන්න බෑ. මන් එහෙමම එතන තිබුණ බිත්තියකට හේත්තු වෙලා අත් වැල් අල්ලාගෙන යන ඔයාලා දිහා බලන් හිටියා 

"නදී ගංගා තරනයේ සරි සරා සැඩ මාරුතේ"  ෆෝන් එක රින්ග් වෙනකොටයි මන් පියවි සිහියට අවේ.
"ලොකු කොහෙද ඉන්නේ" 
"අක්කේ මන් මේ ටවුමට පොඩ්ඩක් ආව "
"මොන ටවුමෙද මමත් ඉන්නේ ටවුමේ" 
"එහෙනම් එනවකො ගුඩ් ෂෙඩ්  එකට මාව එක්කන් යන්න" 
"අක්කේ මන් මේ මේ "
"මොකද තමුසේ තටමන්නේ කාත් එක්කද ඉන්නේ"
"මන් කුරුණෑගල ආවා පොඩි වැඩකට"
"තමුසේ ගියේ අරකිව හම්බෙන්න නේද ලැජ්ජා නෑනේ තමුසෙටත් ලොකු" 
"එනවා ඉක්මනට ගෙදර"
"මන් එහෙනම් ගෙදර යනවා. එනවා ගෙදර අම්මට කියන්න කලින් "

           මට හැමතැනම පෙන්නේ "සකු" අර කොල්ලගේ අතේ එල්ලිලා, තුරුල් වෙලා කුඩේ යටින් ගියපු හැටි.
මන් එහෙමම නුවර යන බස් එකක නැග්ගා. කිසිම අදහසක් ඔලුවේ නැතිව හිස් මිනිසෙක් වෙලා මන් අපහු නුවර යන්න පිටත් උණා
      පිටිපස්සේ කොනේම තිබුණ සිට් එකක මන් ඉදගෙන ඉස්සරහා සිට් එකට ඔලුව තියාගෙන හොදටම ඇඩුව මගේ දුක දියවෙලා හේදිලා යනකම් ඇඩුවා මට මතක් උනේ මිල්ටන් මල්ලවආරච්චි කියන සින්දුව

"කෙසේ කියන්නද ඔබ මා අතහැර 
ඉවත ගියා කියලා 
මගේ මුවින් මම ලොවට කියා ඇත 
ඔබ ගුණවත් කියලා

කිසිවෙකු කිසිදින අදහන්නේ නැත 
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත 
මම වැරදිය කියලා

සෙනෙහස බිදුනද මේ අවමානෙන් 
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත් හලෙමි පවසමි  
ලොවටම ඇසෙන නියා"

අදටත් හැමෝම අපි දෙන්නා ගැන  දන්නේත් එහෙමමයි.
ඒ සින්දුව මටම ලියපු එකක් වගේ මට දැනෙන්නේ. ඔයා මගේ පළවෙනි ආදරේ. ඒත් ඔයාටනම් මම ඔයාගේ ලිස්ට් එකේ හිටිය එක කොල්ලෙක් විතරයි. ඒත් අදටත් මම ඔයාගේ මතකයන් අමතක කරගන්න බැරුව ජිවත් වෙන ඔයාගේ හිටිය පෙම්වතෙක්

_______________________________________________________

                        කොහොම හරි මන් ඔයාට පොත් ටික තෑගී දුන්නට පස්සේ සතියේ අක්කගේ අතේ ඔයාගෙන් අහලා එව්වා මට කැමතිද කියලා.ඔයා කල්පනා කරලා කියන්නම් කියලා ගිහින් ඊට පස්සේ සතියේ මට කැමති කිව්වා මන් මුළු ලෝකෙම දිනුව වගේ සතුටක් මට අවේ කැමති කිව්ව දවසට පස්සේ දවසේ ඔයා ඉස්කෝලේ යනකොට මන් ඔයාව මිට වෙන්න ආවා ගුරු පාරේ ඔයා එහා කොනේ මන් මෙහා කොනේ ඉදන් තාර පාරට එනකම් මන් ඔයා එක්ක කථා කර කර ආවා  පාර දෙපැත්තේ ගෙවල් වල හිටිය ගොඩක් අය අපි දෙන්නා දිහා බලාගෙන හිටියා ඒත් අපි දෙන්නටම ගානක් නෑ
                      හැමදාම මන් උදේම ඔයාව හම්බෙන්න ආවාඔහොම කාලය යද්දී  ඔයාලගේ ගෙදරටයි සමහරු කේලම් කියලා. ඔයාට ඔයාලගේ තාත්තා හොදටම ගහලා තිබුණා. අපේ අම්මටත් කවුදෝ කේලම් කියලා අම්ම හොදටම මට බැන්න.  අම්ම මට ඔයාගේ පවුලේ විස්තර හැම දේම කිව්වා. ඔයාගේ අත්තම්මා අපේ ගෙදර වැඩකාරකම් කරපු ඒවා. ඒවා කියා කියා අම්ම මට හොදටම බැන්න මේක නවත්තන්න කිව්වා. ඒත් ඔයාවත් මමවත් අපේ සම්බන්දෙ නැවැත්තුවේ නෑ. 
         ඊට පස්සේ මාව නුවර ගෙනත් නැවැත්තුවා. ඔයාටයි මටයි කථා කරන්න විදියක් නෑ. ඉදලා හිටලා ඔයා මට ඔයාලගේ තාත්තගේ ෆෝන් එකෙන් මැසේජ් කරා. කෝල් කරා. ඒ අතරේ ඔයා ඒ ලෙවල් වලට පාඩම් කරා මන් මන් ඔයාට ටාගට් දුන්නා පුලුවන්නම්  ඔයා පන්තියේ පලවෙනි 10 දෙනා අතරට එන්න කියලා. ඔයා ඒක කරා. 
     ඔයා ඇහුවා කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ නේද කියලා මන් කිව්වා ඔයා මේ පාර කොහොම හරි කැම්පස් යන්න, කැම්පස් ගියේ නැත්තම් මන් ඔයාව දාලා යනවා කියලා. එක්සෑම් වලට මාස 4ක් විතර තියනකොට එකපාරටම ඔයාගෙන් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් එන්නේ නැතුව ගියා. මන් දෙලොවක් අතර අතරමන් උණා..  කොහොම හරි එක්සෑම් එකට මාස 2ක් තියෙද්දී ඔයා වෙන කෙනක් එක්ක යාළු වෙලා කියලා යාලුවා කිව්වා විතරක් නෙවේ මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කා  ඔයා කොහොම හරි මන් දුන්න ටාගට් ජයගත්තා. ඔයා අද කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්රිය කරනවා. ලගදීම ඔයා ලොකු රස්සාවක් කරයි. යාන වාහන හැමදේම ගනී.
ඒත් මන් කොහොමද ඔයාට උණු පොරොන්දුව ඉෂ්ට කරන්නේ ..?
මන් කොහොමද ඔයාව මැරී කරන්නේ..?
 "ලබන අවුරුද්දේ ඔයා වෙන කෙනෙක්ව මැරී කරන්න හැමදේම සුදානම් කරගෙන දිනත් දාගෙන ඉන්නකොට  "

_______________________________________________________
ප:ලි 
"මෙහි ඇති සියලුම නම් ගම් පමණක් නොවේ කතාවද හුදු රසාස්වාදය සදහා ගොතන ලද්දකි"
_______________________________________________________

Thursday, September 19, 2013

ආණ්ඩුව විපක්ෂය හා රැවටෙන මහජනයා

හා හාපුරා කියලා පටන් ගත්තා පොලිටික්ස් වලින්ම. අය ඉතින් ලංකාවේ පොලිටික්ස් කිව්වොත අය කතා කරන්න දෙයක් නැනේ. මේ වෙනකම් ලංකාවේ තිබුණු ආණ්ඩු හැම එකක්ම වගේ තිබුනේ පරපෝෂිත ආණ්ඩු. සහසුද්දෙන්ම කිව්වොත් ලංකාවේ මහජනයාගේ සල්ලි හුරගෙන කාලා හැදෙන ආණ්ඩු. ඒවා මේවා පහු කරගෙන ලංකාවේ වර්තමාන දේශපාලනේ ගත්තම හෙනම කුප්ප සහගතයි. අනේ මන්දා මිනිස්සුන්ට චන්ද අප්පිරියා වෙලා. ඒ නම ඇහෙද්දීත් උන්ඩුකපුච්චේ දෙදරලා පිත්තාශේ කම්පිත වෙලා ඔක්කාරෙට එන තත්වයක් උදා වෙලා තියෙන්නේ.
                                     කොහොම හරි මහරජාගේ ආණ්ඩුව ලේසියෙන් හොල්ලන්න බෑ. ඒ උන්දැලාගේ පරම්පරාවෙන් ආපු සහජ කපටි කම හා මිනිසුන් රැවටීමේ සහජ කුසලතාවය නිසා. දැන් උතුරේ මද්‍යම වයබ වගේ චන්ද තියන්න සියලු කටයුතු සුදානම්.ආණ්ඩුව වෙනම මුස්ලිම් කොන්ග්‍රසේ වෙනම ඔය වගේ පොඩි පොඩි පක්ෂ ගොඩක් ඉල්ලනවා. ඒ වෙන මොකුත් නිසා නෙවේ ප්‍රදාන විපක්ෂයේ චන්ද කඩන්න.
              කොටින්ම කිව්වොත් අපි ගමු මුස්ලිම්  කොන්ග්‍රසේ උන්ගේ ප්‍රදාන වාක්‍ය මොකක්ද මුස්ලිම්  අය අසාදාරනේට ලක් වෙනවා එක බේරගන්න ඕනෙනම් අපිට චන්දෙ දෙන්න කියලා.. එතකොට ආණ්ඩුවට විරුද්ද මුස්ලිම් මිනිස්සු උඩ පැනගෙන දෙනවා චන්දෙ මුස්ලිම්  කොන්ග්‍රසේට. දෙමළ සංවිදාන කියන්නේ(නුවර එළියේ පැත්තේ) දෙමළ මිනිස්සුන්ට අසාදාරණයක් වෙනවා එක බේරගන්න ඕනෙනම් අපිට චන්ද දෙන්න කියලා එහෙම කියලා ආණ්ඩුවට දෙන්න අකමැති චන්ද ටික උන් ගන්නවා.. සුළුතර සිංහල පක්ෂ කරන්නෙත් ආණ්ඩුවට නොයන විපක්ෂෙට යන  චන්ද උන් කඩාගන්න එක. 
                       ඒත් අන්තිමට ඒ පක්ෂ කරන්නේ ආණ්ඩුවට 2/3 ක් ඕනේ වෙන හැම වෙලේම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පැත්තේ හාන්සි වෙන එක. ඒ හැමදේකටම උන්ට හම්බෙනවා. අන්තිමට අපිමයි රැවටුනේ. හරියට අපි ආණ්ඩුවට චන්දෙ දුන්නා වගේම තමා. ඕකයි මධ්‍යම පළාතේ තත්වේ.
                චන්ද අපේක්ෂකයෝ චන්දෙට වියදම් කරන මුදල් දැක්කම අපේ හිත් කකියනවා තමා. අහිංසක මිනිස්සු කී දාහක ගේ බඩගින්න නිවන්න පුලුවන්ද ඒ සල්ලි වලින්.  සමහරු කොටි 3ක් 4ක් වියදම් කරනවා. ඒ වෙන මොකටවත් නෙවේ 52000/= ක වැටුපක් හම්බෙන මන්ත්‍රී කම ගන්න. හිතලා බලන්න එහෙම පඩියක් ගන්න ඔය තරම් ලොකු මුදලක් යට කරනවද..? ඒ ගාන හම්බකරන්න 50000 ගානේ ඉතුරු කරත් කොච්චර කල් ඉන්න ඕනෙද . එහෙම පොඩි මුදලක් බලාගෙන චන්දෙ ඉල්ලනවද..? නෑ එහෙම කරන්නේ මන්ත්‍රී උනාම ගසාගන්න පුළුවන් කියලා දන්නා නිසා. ඒ නිසා බය නැතුව වියදම් කරනවා. 52000 ක් ඕනෙනම් අර කොටි 3 පොතේ දාලා පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවනේ පොලිය අරගෙන. ඔන්න රටට ආදරේ ජනතා සේවකයෝ. කෝකත් එකයි ආණ්ඩුවේත් විපක්ෂේත් හැමෝම. රැවටෙන්නේ මහජනයා 

නැවත පැමිණීම


ඔන්න ඉතින් මගේ රියල් බ්ලොග් පොජ්ජට අයිබෝන් කියලා බැස්ස මේ විදියට.. රියල් එකේ පෝස්ට් ඉස්සුවා වගේ මේකෙත් පෝස්ට් උස්සන්න ඈ.. ඒ කරලා ඉස්සුවේ නෑ වගේ පේන්න නම දාන්න මගේ. 
අද සිට අලුත් විදියට බ්ලොග් එකක් කරගෙන යනවා. පහු ගිය ටිකේ මොකුත් ලිව්වේ නෑ කුප්ප කමට හිටියා. අද ඉදන් ඔන්න බැස්ස වැඩේට ඈ. එහෙනම් පටන් ගමු (එහෙම කිව්වට මම විතරයි පටන් ගන්නේ ) 

අද සිට මේකේ දාන්නේ මගේ රසවත් සිද්දි මගේ යාලුවොන්ට උන සිද්දි ඒ වගේම කුප්ප කථා හැම මගුලක්ම මම මේකේ කොටනවා.. කැමති කෙනෙක්ට කියවන්න පුළුවන් බල කිරීමක් නෑ.. එහෙම කියවලා අදහසක් දීලා පොඩි තල්ලුවක් දීලා ගියොත් වැරදි හදාගන්න මාරම වටිනවා ඈ. ජයවේවා හැමෝටම ඉස්තුති