Friday, June 5, 2020

මාධවි

  • ඒ නදියා අන්න උබේ කෑල්ල
වරෙන් එලියට
ලසන්තයා පන්තියේ දොරෙන් ඔලුව දාලා මට කෑගැහුවා
අනේ මට බෑ බන්
අපෝ යකෝ උබ ඔහොම හිටියම සෙට් වෙයි කෑල්ල බලන් හිටපන්
පිස්සුද යකෝ ඒ කෙල්ල පස්සේ යන්න මට බෑ
මන් වගේ නෙවේ යකෝ එකී හොදට ඉගෙන ගන්නවා
එහෙව් එකේ මන් ඒ කෙල්ල පස්සේ ගියාම ඒ කෙල්ල කොහොමද බන් හරියට ඉගෙන ගන්නේ ඒ කෙල්ල මානසිකව වැටෙනවනේ උබලට තේරෙන්නේ නැද්ද..?
අනේ නිකන් පලයන් ඩො යන්න. උබ ඒ කෙල්ල දැක්කත් බයයි උබ කොහෙද ඒකිව දාගන්නේ හීනෙන් තමා. මොකෙක්හරි එකෙක් ඩහැගෙන ගියාම උඩබලාගෙන හිටපන් රිලවා මැරිච්ච අහිකුන්ටිකය වගේ අනේ යකෝ
චින්තකයා කිව්වේ නොන්ඩියට වගේ
අනේ කමක් නෑ බන් ඒකි යනවනම් ගියපුදෙන්.
_______________________________________________________
මාධවී ඒතමා මගේ සිහින කුමාරිය. මට ඉස්කෝලෙට ගිය වෙලේ ඉදන් හැමතැනම මුළු ඉස්කෝලෙම පේන්නේ එයාව.මම 11 වසරේ ඉන්නකොට එයා 9 වසරේ. එයා ගොඩක් ලස්සනයි සුදුයි ටිකක මහතයි.ටිකක් ආඩම්බරයි. ඒ වගේම එයාට තව යාලුවෝ 3ක් හිටියා. භාග්‍යා,කාංචනා,මදුශානිකා ඒ අයත් මෙයාටම හරියන අය. හතරදෙනා එකතු උනාම මොකෙක් උනත් කමක් නෑ, වචනයක් හරි එයාලට කිව්වොත් හතරදෙනාම වටකරගෙන බනිනවා. මාධවී ගෙන් මන් ඈත් වෙලා ඉන්න ඒකත් හේතුවක්. හැමදාම එයා උදේ ඉස්කෝලේ එනකොට එයාව බලන එක, හවස යනකොට එයා දිහා බලන එක මගේ දිනපතා කරන රාජකාරි වලින් අනිවාර්ය අංගයක්. එයා ගියේ ස්කුල් බස් එකේ. එයා හැමදාම යනකොට මන් දිහා බලගෙන යනවා. ඒත් කවදාවත් ඉස්කෝලෙදි නම් එයා මගෙත් එක්ක හිනාවෙලාවත් නෑ අඩු තරමේ මගේ දිහා බලලවත් නෑ. අවුරුදු හතරක් එයා වෙනුවෙන් මන් බලාගෙන හිටියා ඒත් වචනයක්වත් කථා කරලා නැ. එයා වෙනුවෙන් කවි ලිව්වා ඕනෙතරම් පොත් පිරෙන්න.. එයා ඒවා දන්නවා නම්,
දවසක් අපි ඉස්කෝලේ කළු ලෑල්ල කළු කරන්න හවසක නැවතුනා. අපි නිකමට වගේ පන්ති ගානේ ඇවිද්ද. එයාගේ පන්තියට ගියාම දැක්ක එයාලගේ බිත්ති පුවත්පත. එයා තම පන්තියේ නායිකාව. ඒ නිසා එයාගේ නිර්මාණ තියෙන්න ඕනේ කියලා මම අත්දැකීමෙන් දන්නවා. මුළු බිත්ති පුවත් පතම පෙරළුවා මම හරි එයා ලියපු එකක් හම්බුනා.. කාටත් හොරා ඒක ගලවලා මම සාක්කුවේ දාගෙන ආවා.ඒක දැනටත් මගේ ලග තියනවා. ඒවා එයා දන්නවා නම්,
______________________________________________________
දින සති ගෙවිලා ගියා මම ඕලෙවල් කරා, එයා වෙනුවෙන් මම ඉගෙන ගත්තා එයා කොහොමත් හොදට ඉගෙන ගන්නවා කියල මන් දන්නා නිසා මමත් ඉගෙන ගන්න උත්සහා කරා එයාට මන් කරපු ආදරේ මට එකට උදව් උනා. සාමාන්‍යපෙළ  හොදට පස් උණා උසස්පෙළ ගණිත අන්ශේට ඇතුල් උණා.ඒත් මම මගේ ආදරේ නැවැත්තුවේ නෑ ඉස්කෝලේ කොච්චර ගැනු ළමයි හිටියත් මට දකින්න ඕනේ උනේ එයාව.
සුපුරුදු පරිදි කාලය ගෙවුනා. මම ඉස්කෝලෙන් අස්වුණා.අස් වෙලා මාස තුන හතරකින් මම ඉස්කෝලෙට ගියා මගේ අස්වීම ගන්න අස්වීම ඒකට අත්සන් ගන්න අපේ පන්තිය බාරව හිටිය මිස් ලක්ශ්මි මැඩම් හොයාගෙන ගියා. මැඩම් ඉන්නවා එක පන්තියක. මම ගියා. මැඩම් මාව දැක්ක ගමන් දන්නවා. ආ දොඩන් එන්න එන්න කියලා ඇතුලට යද්දි මැඩම්ට පොත පෙන්නන්න එක ගෑනු ලමයෙක් එනවා. දෙවියනේ ඒ මාදවී. ඒ තමා අපේ අන්තිම හමුවීම. එයා කොහේ හරි සතුටින් ඇති ..

No comments:

Post a Comment