Thursday, September 19, 2013

ආණ්ඩුව විපක්ෂය හා රැවටෙන මහජනයා

හා හාපුරා කියලා පටන් ගත්තා පොලිටික්ස් වලින්ම. අය ඉතින් ලංකාවේ පොලිටික්ස් කිව්වොත අය කතා කරන්න දෙයක් නැනේ. මේ වෙනකම් ලංකාවේ තිබුණු ආණ්ඩු හැම එකක්ම වගේ තිබුනේ පරපෝෂිත ආණ්ඩු. සහසුද්දෙන්ම කිව්වොත් ලංකාවේ මහජනයාගේ සල්ලි හුරගෙන කාලා හැදෙන ආණ්ඩු. ඒවා මේවා පහු කරගෙන ලංකාවේ වර්තමාන දේශපාලනේ ගත්තම හෙනම කුප්ප සහගතයි. අනේ මන්දා මිනිස්සුන්ට චන්ද අප්පිරියා වෙලා. ඒ නම ඇහෙද්දීත් උන්ඩුකපුච්චේ දෙදරලා පිත්තාශේ කම්පිත වෙලා ඔක්කාරෙට එන තත්වයක් උදා වෙලා තියෙන්නේ.
                                     කොහොම හරි මහරජාගේ ආණ්ඩුව ලේසියෙන් හොල්ලන්න බෑ. ඒ උන්දැලාගේ පරම්පරාවෙන් ආපු සහජ කපටි කම හා මිනිසුන් රැවටීමේ සහජ කුසලතාවය නිසා. දැන් උතුරේ මද්‍යම වයබ වගේ චන්ද තියන්න සියලු කටයුතු සුදානම්.ආණ්ඩුව වෙනම මුස්ලිම් කොන්ග්‍රසේ වෙනම ඔය වගේ පොඩි පොඩි පක්ෂ ගොඩක් ඉල්ලනවා. ඒ වෙන මොකුත් නිසා නෙවේ ප්‍රදාන විපක්ෂයේ චන්ද කඩන්න.
              කොටින්ම කිව්වොත් අපි ගමු මුස්ලිම්  කොන්ග්‍රසේ උන්ගේ ප්‍රදාන වාක්‍ය මොකක්ද මුස්ලිම්  අය අසාදාරනේට ලක් වෙනවා එක බේරගන්න ඕනෙනම් අපිට චන්දෙ දෙන්න කියලා.. එතකොට ආණ්ඩුවට විරුද්ද මුස්ලිම් මිනිස්සු උඩ පැනගෙන දෙනවා චන්දෙ මුස්ලිම්  කොන්ග්‍රසේට. දෙමළ සංවිදාන කියන්නේ(නුවර එළියේ පැත්තේ) දෙමළ මිනිස්සුන්ට අසාදාරණයක් වෙනවා එක බේරගන්න ඕනෙනම් අපිට චන්ද දෙන්න කියලා එහෙම කියලා ආණ්ඩුවට දෙන්න අකමැති චන්ද ටික උන් ගන්නවා.. සුළුතර සිංහල පක්ෂ කරන්නෙත් ආණ්ඩුවට නොයන විපක්ෂෙට යන  චන්ද උන් කඩාගන්න එක. 
                       ඒත් අන්තිමට ඒ පක්ෂ කරන්නේ ආණ්ඩුවට 2/3 ක් ඕනේ වෙන හැම වෙලේම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පැත්තේ හාන්සි වෙන එක. ඒ හැමදේකටම උන්ට හම්බෙනවා. අන්තිමට අපිමයි රැවටුනේ. හරියට අපි ආණ්ඩුවට චන්දෙ දුන්නා වගේම තමා. ඕකයි මධ්‍යම පළාතේ තත්වේ.
                චන්ද අපේක්ෂකයෝ චන්දෙට වියදම් කරන මුදල් දැක්කම අපේ හිත් කකියනවා තමා. අහිංසක මිනිස්සු කී දාහක ගේ බඩගින්න නිවන්න පුලුවන්ද ඒ සල්ලි වලින්.  සමහරු කොටි 3ක් 4ක් වියදම් කරනවා. ඒ වෙන මොකටවත් නෙවේ 52000/= ක වැටුපක් හම්බෙන මන්ත්‍රී කම ගන්න. හිතලා බලන්න එහෙම පඩියක් ගන්න ඔය තරම් ලොකු මුදලක් යට කරනවද..? ඒ ගාන හම්බකරන්න 50000 ගානේ ඉතුරු කරත් කොච්චර කල් ඉන්න ඕනෙද . එහෙම පොඩි මුදලක් බලාගෙන චන්දෙ ඉල්ලනවද..? නෑ එහෙම කරන්නේ මන්ත්‍රී උනාම ගසාගන්න පුළුවන් කියලා දන්නා නිසා. ඒ නිසා බය නැතුව වියදම් කරනවා. 52000 ක් ඕනෙනම් අර කොටි 3 පොතේ දාලා පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවනේ පොලිය අරගෙන. ඔන්න රටට ආදරේ ජනතා සේවකයෝ. කෝකත් එකයි ආණ්ඩුවේත් විපක්ෂේත් හැමෝම. රැවටෙන්නේ මහජනයා 

11 comments:

  1. අනේ අම්මපා ඇත්ත

    ReplyDelete
  2. මල්ලි කොමෙන්ට් සෙටින්ග්ස් වලට ගිහින් word verification කියන තැන no කරන්න ,,කොමෙන්ට් කරන්න පහසුයි එතකොට ,,word verification තියෙද්දී කවුරුත් කොමෙන්ට් කරන්න කැමති නැහැ

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති අක්කේ

      Delete
    2. ස්තුති කියලා නිකන් ඉන්න එපා දැන්ම හදාගන්න

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ලංකාවේ දේශපාලනය ගැන කතා කොරෆන් බන්. . එතකොට උබේ මේ බ්ලොග් එක ලියන්න පුලුවන් අනන්තය කරාම. . ඉවරයක් කොරන්න හම්බුවෙන්නේම නැ. . සුබ පතනවා බොක්කෙන්ම චූටියා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති බුවා ඈ සන්තෝසයි

      Delete
  5. බ්ලොග් එකට සුභ පැතුම් ඈ!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති පොලා ඈ :)

      Delete
  6. ඒ කාලේ උඩින් දිනුවේ මන් ...
    මේ කාලේ අපත් නෑනේ බන් ....
    මොකද්ද කරපු වරද මන් .............

    ජය වේවා, නියම මාතෘකාව .

    ReplyDelete